ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ විසින් පල කරනු ලැබෙයි.
සෝවියට් සංගමයේත්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේත් (තුන් වැනි ජාත්‍යන්තරය) ස්ටැලින්වාදී පරිහානියට එරෙහි ව, මාක්ස්වාදය උදෙසා අරගලය පෙරට ගෙන යාමට 1938 දී, ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිට වනු ලැබූ හතර වැනි ජාත්‍යන්තරය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයයි.
ජාත්‍යන්තර කමිටුව හතර වැනි ජාත්‍යන්තරයේ නායකත්වයයි. ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භකයා වන ජේම්ස් පී. කැනන් නායකත්වය දුන් සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් සහ මිෂෙල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් අවස්ථාවාදී කන්ඩායමක් අතර සිදු වූ භේදයෙන් පසු ව 1953 වසරේ නොවැම්බර් 23 වැනි දා ජාත්‍යන්තර කමිටුව පිහිටුවනු ලැබුනි. තම ඉතිහාසය පුරාවට, හජාජාක මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කර ඇති අතර, වර්තමානයේ දී, විප්ලවවාදී සමාජවාදයේ ලෝකයේ එක ම නියෝජිතයා වන්නේ ද එයයි.
හජාජාකත්, සමාජවාදී සමානතා පක්ෂත් ජාත්‍යන්තර කම්කරු පන්තිය ධනවාදයට එරෙහි ව ස්වාධීන දේශපාලන සහ විප්ලවවාදී බලවේගයක් වශයෙන් බලමුලු ගැන්වීමට සටන් වැදී සිටිති.
2008 අගෝස්තු 3-9 දක්වා මිෂිගන්, ඈන් ආබර්හි දී පවත්වනු ලැබූ සමාජවාදී සමානතා පක්ෂයේ ආරම්භක සමුලුවේ දී මෙම ලියවිල්ල සම්මත කර ගනු ලැබුනි. සියවසකටත් අධික කාලයක් පුරා විහිදෙන අත්‍යවශ්‍ය ඓතිහාසික ඉසවු සහ දේශපාලනික අත්දැකීම් ගවේෂනය කරන මෙම කෘතිය සමාජවාදය සඳහා අරගලයේ න්‍යායික සහ දේශපාලනික පදනම ස්ථාපිත කරයි.
2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.
අප රක්නා උරුමය 1988 දී ප්‍රථම වරට පොතක් වශයෙන් එලිදක්වනු ලැබුනි. 1982-1986 සමයේ දී, හජාජාකවේ එවක බ්‍රිතාන්‍ය ශාඛාවේ ජාතිකවාදී අවස්ථාවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කර ගැනීමට හජාජාකත් එක්සත් ජනපද සසපයේ පූර්වගාමියා වන වර්කර්ස් ලීගයත් ගෙන ගිය දේශපාලන අරගලයේ ප්‍රතිපලයකි, මෙම ලියවිල්ල. එය 20 වැනි සියවස තුල සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩතාව පිහිටුවයි.
දේශපාලනික ව පරිහානිගත වීමේ දිග්ගැස්සුනි සන්තතියකින් පසු, 1985 දී, එවක හජාජාක බ්‍රිතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) තීරනාත්මක ලෙස ට්‍රොට්ස්කිවාදයෙන් බිඳුනේ ය. බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් පෙර දී ආරක්ෂා කලා වූ මූලධර්මයන්ගෙන් පසු බා යාම සමග කවිපයේ අර්බුදය බැඳී ඇති බව මෙම කෘතිය පෙන්වා දෙයි.
ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගිතාවේ සාම්ප්‍රදායික දිනය සැමරීමටත්, ලොව පුරා කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදයේ වැඩසටහනට රැලි කර ගැනීමටත්, 2020 මැයි 2 වැනි දා, හජාජාක තම සත් වැනි වාර්ෂික ඔන්ලයින් මැයි දින රැලිය පැවැත් වීය.
1917 දී, ලෙනින් සහ ට්‍රොට්ස්කි නායකත්වය දුන් බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය යටතේ, රුසියානු කම්කරු පන්තිය තාවකාලික ධනේශ්වර ආන්ඩුව පෙරලා දමමින්, ලෝක ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිට විය. හජාජාක මෙම ශත සංවත්සරය ඔන්ලයින් දේශන මාලාවක් පවත්වමින් සැමරී ය.
න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල සම්බන්ධයෙන් කම්කරු විප්ලවවාදී පක්ෂයේ සංශෝධන සම්බන්ධයෙන් සවිස්තරාත්මක විවේචනයක් මූලික ව සූත්රගත කර ගැනීමේ පටන් හජාජාකවේ ලීග පක්ෂ බවට රූපාන්තරනය කිරීමේ තීරනය දක්වා වන 1982 සිට 1995 දක්වා හජාජාකවේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙම දේශන අවධානය යොමු කරයි.