දෙසැම්බර් 04 වැනි දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත් වූ මාධ්‍ය හමුවක දී මෙරට ප්‍රතිජීවක ඖෂධ තොග සීමිත බැවින් අත්‍යවශ්‍ය ම රෝගීන්ට පමනක් ඒවා නිර්දේශ කල යුතු බව සඳහන් කරමින්, වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල “සියලු ම ලෙඩරෝගවලට බේත් අවශ්‍ය කරන්නේ නෑ. සියයට 90ක් ලෙඩ රෝග වෛරස්වලින් හැදෙන්නේ. කිසිදු බේතක් අවශ්‍ය වන්නේ නෑ” යැයි පැවසී ය. උන, සෙම්ප්‍රතිශ්‍යාව “ඉබේ” සුවපත්වන බැවින් ප්‍රතිකාර සඳහා රෝහලට නොපැමිනෙන ලෙස ඔහු මහජනතාවට උපදෙස් දුන්නේය.
වෛද්‍ය දොලමුල්ලගේ ප්‍රකාශය සහ උපදේශය පිලිගත් මහජන සෞඛ්‍ය මූලධර්මවලට පටහැනි ය. යමෙකුට වැලැඳී ඇත්තේ, කිනම් රෝගයක් ද, එය සුවපත් කර ගැනීම සඳහා කිනම් ඖෂධ භාවිතා කල යුතු ද, නොඑසේනම් ඖෂධ අවශ්‍ය නොවන්නේ ද යන මේ සියල්ල නිශ්චය කල යුත්තේ වෛද්‍යවරයෙකු විසිනි. එය නොතකා ඉබේ සනීප වන්නට ඉඩ හැරීම, එම රෝගියාගේ ජීවිතය පමනක් නොව, අනෙකුත් මහජනතාවගේ ජීවිත ද අනතුරේ හෙලීමකි.
දොලමුල්ලගේ ප්‍රකාශයෙන් යන්තම් දින කීපයකට පසු, මෙම පිලිවෙතේ ව්‍යසනකාරී ස්වභාවය ඛේදජනක ලෙස සනාථ විය. යාපනය ප්‍රදේශයේ උන වැලඳ්රනු රෝගීන් පස්දෙනෙක් දින කීපයක් තුල අසාමාන්‍ය ලෙස මිය ගියහ. රෝහලකට ඇතුලුකර තිබුන ද, අවශ්‍ය පරික්ෂන පහසුකම් රෝහලේ සහ ප්‍රදේශයේ නොමැති බැවින්, මියයනතෙක් ඔවුනට වැලඳී තිබූ රෝගය කුමක්ද යන්න නිශ්චය කර ගැනීමට නොහැකි වී ඇත. කොලඹ රජයේ වෛද්‍ය පර්යේෂන ආයතනයට යවන ලද වෛද්‍ය සාම්පල පරික්ෂා කිරීමෙන් පසු තහවුරු වී ඇත්තේ ඔවුන් සියලුදෙනාම මී උන රෝගයෙන් මරනයට පත්ව ඇති බවයි.
මෙයින් තහවුරු වන්නේ, උන රෝග ලක්ෂනයක දී පවා වහා රෝහලකට ගොස් රෝගය නිශ්චය කරගතයුතු බව සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් රෝහල්වලට සමිපාදනය කලයුතු බවයි.
ඒ වෙනුවට, ඉහත ආකාරයේ කුතර්ක ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තල්ලු කෙරෙන්නේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අනුගමනය කරන, මහජන සෞඛ්‍ය විදයම් කප්පාදු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් වර්ධනය වී පවත්නා, ඖෂධ සහ උපකරන ඇතුලු භෞතික සම්පත්වල සහ වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු මානව සම්පත්වල දැඩි ඌනතාව හේතුවෙනි.
කෝවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය සහ යුක්රේනයේ රුසියාවට එරෙහි නැටෝ යුද්ධය විසින් තීව්ර කල තත්ත්වයන් යටතේ උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුන පා සිටින ලංකාවේ ධනපති පාලක පංතිය මහජන සෞඛ්‍ය වියදම් දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් දක්වා කපා දමා ඇත.
ශ්‍රී ලංකාව ඖෂධ සහ ශල්‍ය උපකරන ආනයනය කිරීමට වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් වැය කරයි. 2023 ජනවාරියේ දී ඩොලර් මිලියන 220ක ගෙවුම් හිඟයකට මුහුන දුන් අතර විදේශ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 25.7 පියවිය යුතු ව ඇත. 2021 දී ඖෂධ සහ උපකරන සඳහා වියදම් රුපියල් බිලියන 60.7 දක්වා සියයට 29කින් කපා දැමුනි.
එමෙන්ම, රුපියලේ අගය පහත වැටීම නිසා 2021 සිට අවස්ථා තුනක දී ඖෂධ මිල සියයට 9, 29, සහ 40කින් ආදි වශයෙන් තුන් වතාවක දී ඖෂධ නියාමන අධිකාරිය විසින් සංශෝධනය කෙරුනි. උදාහරනයක් වශයෙන් කො-ඇමොක්සික්ලාව් ප්‍රතිජීවක ඖෂධයේ මිලිග්රූම් 625ක පෙත්තක් 2019 දී රුපියල් 72ක් වූ අතර 2023 ජූනි මස ගැසට් කල මිල ගනන් අනුව එම පෙත්තක දැන් මිල රුපියල් 119ක් වේ. හෘද රෝගී තත්ත්වයන් ඇති අය සඳහා අවශ්‍ය කරන සාමාන්‍යයෙන් ද මිල අධික වෛද්‍ය උපකරනවල මිල ගනන් තව දුරටත් දැරිය නොහැකි ලෙස දෙ ගුන තෙ ගුන වී ඇත.
රුධිරු කැටි අවහිර වීමෙන් ඇති වන හෘදයාබාධ තත්ත්වයක දී එම රුධිර කැටි දිය කිරීමට අවශ්‍ය ත්රොම්බොලයිටික්ස් ඖෂධය, හෘද සැත්කම්වලින් පසු රුධිරය තුනී කිරීමට රෝගීන්ට ලබා දිය යුතු ඖෂධ, හෘදය වස්තුවේ මාංශ පේශී ක්‍රියාකාරීත්වය පාලනය කල හැකි ඖෂධ දැඩි සත්කාර ඒකක තුල හිඟ බව වාර්තාවේ.
ඖෂධ වර්ග 140ක පමන හිඟයක් මේ වනවිට රට තුල මතුව ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය සඳහන් කරයි. නමුත් විවිධ මූලාශ්‍ර කියා සිටින්නේ, සත්‍ය හිඟය මීට වැඩි විය හැකි බවයි. ඇතැම් වාර්තාවන්ට අනුව ඉන්සියුලින් සහ ඉමියුනොග්ලොබියුලින් ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ 300කට අධික ප්‍රමානයක් හිඟ ව පවතියි. බොහෝ විට පරිපාලනය උත්සහ කරන්නේ තත්ත්වය අඩුවෙන් වාර්තා කරමින් මෙම බරපතල තත්ත්වය හෑල්ලු කොට ඉදිරිපත් කිරීමටයි.
දෙසැම්බර් 9 වැනි දින ඩේලිමිරර් පත්‍රයේ පල කෙරුනු වාර්තාවකට අනුව මාවනැල්ල මූලික රෝහලේ සෝඩියම් බයිකාබනේට් හිඟය රෝගීන් පස් දෙනෙකුගේ මරනයට හේතු වී ඇත. මෙම ඖෂධය සැලකිය යුතු කාලයකින් ආනයනය කර නැති බව පැවසෙයි.
ශරීරයේ ආම්ලිකතාව ඉහල නංවන රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන රෝගීන් ගේ ශරීරයේ ආම්ලිකතාව පාලනය කිරීමට අවශ්‍ය ඖෂධයක් ලෙස සෝඩියම් බයිකාබනේට් භාවිතා කෙරෙයි. ශරීර ආම්ලිකතාවය අධික වශයෙන් ඉහල යාමෙන් ශ්වසනය කිරීමේ දුෂ්කරතාවන් පැන නැගිය හැකි ය. වාර්තාවට අනුව මෙම ඖෂධය පෞද්ගලික ඔසුසල්වලින් හෝ මිල දී ගැනීමේ හැකියාවක් නැත.
ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරනවල හිඟය පියවන්නේ එම වියදම් මහජන රෝහල් වෙත පැමිනෙන රෝගීන් වෙත පටවමිනි. ප්‍රධාන රෝහල්වල පවතින වෛද්‍ය උපකරනවල හිඟය නිසා වෙලුම් පටි, ප්ලාස්ටර් රෝගීන් විසින් ම මිල දී ගෙන පැමිනිය යුතු අතර නෙබියුලාකරනයට ගන්නා මුව ආවරන වරක් භාවිතයෙන් පසු ඉවත දැමිය යුතු වුවත් ඒවා නැවත නැවත භාවිතයට ගැනීමට රෝගීන්ට සිදු වී ඇත.
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 දත්තයන්ට අනුව තමා විසින් දරා ගන්නා සෞඛ්‍ය වියදම් අඩු ආදායම්ලාභී පවුල් අතර ද ක්‍රමයෙන් වැඩි ව ඇත. වසරකට වෛද්‍යවරුන් සඳහා රුපියල් බිලියන 40ක් ද ඖෂධ සහ රසායනාගාර සේවා සඳහා රුපියල් බිලියන 31ක් ද පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සඳහා රුපියල් බිලියන 20ක් ද මේ වියදම් අතර වෙයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කල අධ්‍යයනයකට අනුව 2020 සිට 2021 වන විට තමන් විසින් දැරිය යුතු සෞඛ්‍ය වියදම් සියයට 48ක් දක්වා ඉහල ගොස් ඇත අතර මූලික සෞඛ්‍ය සේවාවන්ට ඇති ප්‍රවේශය 2019 සියයට 95ක සිට 2022/2023 දී සියයට 82ක් දක්වා කඩා වැටී ඇත.
වෛද්‍ය පර්යේෂන ආයතනය ජූලියේ දී පරීක්ෂන ප්‍රමානය අඩකින් කප්පාදු කර ඇති බවට චෝදනා එල්ල වූ තත්වය මධ්‍යයේ, ප්‍රතිපාදන කප්පාදුව ආවරනය කරමින් වෛද්‍ය දොලමුල්ල පවසා සිටියේ කලයුතු පරීක්ෂන සහ නොකල යුතු පරීක්ෂන මොනවා දැයි තමන් වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් දන්නා බව සඳහන් කරමිනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජාතික ජන බලවේගය (ජාජබ)/ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි පසුගිය දා කියා සිටියේ, ඖෂධ ආනයනයට සම්බන්ධ ආයතන අතර නිසි සම්බන්ධීකරනයක් නොමැති වීම ඖෂධ හිඟයේ මූලික හේතුව බවයි. මෙය, සැබෑ මූලික හේතුව වන කප්පාදුව දැනුවත්ව වසන් කිරීමකි. ඖෂධ හිඟය සම්බන්ධව මාධ්‍යන්හි පල වන ලිපි ද මූලික අවධානය යොමු කරන්නේ කප්පාදුවට නොව, දූෂනයට සහ අකාර්යක්ෂමතාවටයි.
මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ධනේශ්වර ප්‍රතිපත්තිය මූලික ව ලාභ ආරක්ෂා කර ගැනීමේ අරමුන මත ම මිස මහජන සෞඛ්‍ය මූලධර්ම හෝ වෛද්‍ය විද්‍යාත්මක ආචාර ධර්ම මත පදනම් වූවක් නොවේ. මෙය වඩාත් නිර්දය සහ විශද ව, කොරෝනා ගෝලීය වසංගතයේ උච්ඡ වසරවල දී පෙන්නුම් කෙරුනි. රංචු ප්‍රතිශක්ති පිලිවෙත හෙවත් ප්‍රතිශක්තිය ස්වභාවිකව වර්ධනය කරගත හැකි අය ජීවත් වී අන් සියලු දෙනා මරනයට ගොදුරු කිරීමේ පිලිවෙත, එකල පාලක පංතීන් විසින් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රවර්ධනය කෙරුනි. ගෝලීය ධනපති ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු අර්බුදය හමුවේ, මහජන සෞඛ්‍යය දැවැන්ත පරිමානව කප්පාදු කරමින් සිටින, ලොවපුරා ආන්ඩුවල මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිය බවට මෙම රංචු ප්‍රතිශක්ති පිලිවෙත පත් වී ඇත.