31-1 විකොස 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) බවට පරිවර්තනය කිරීම ගලා ආවේ, කම්කරු පන්තියේ සියලු පැරනි සංවිධානවල පරිහානිය පිලිබඳව ජාත්‍යන්තර කමිටුව උකහා ගත් නිගමනයන්ගෙනි. පශ්චාත් යුද කාලීන ස්ථාවරත්වයේ හා ධනවාදයේ ආර්ථික ප්රසාරනයේ කොන්දේසි තුල, විවිධ වෘත්තීය සමිතිවලට, සමාජ ප්රජාතන්ත්ර හා ස්ටැලින්වාදී සංවිධානවලට, ජාතික ආර්ථික නියාමනයේ ආකෘතිය තුල, කම්කරු පන්තියේ දිගුකාලීන අවශ්‍යතා පාවාදෙන අතරතුර, එයට සීමිත, ක්ෂනික සහන දිනා දීමේ හැකියාවක් පැවතුනි. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා, සංගම්වල ස්වරූපය ගෙන තිබුනේ, සමාජවාදී-හිතැති කම්කරුවන්ගේ ද බුද්ධිමතුන් හා තරුනයන්ගේ ද පුලුල් ස්ථර, සමාජ ප්රජාතන්ත්රවාදී හා ස්ටැලින්වාදී සංවිධානවලට තවමත් දේශපාලනිකව පක්ෂපාතී බවක් දැක්වූ බව වටහාගැනීම නිසාවෙනි. ලසසප හා කොප ශ්‍රීලනිපයෙන් කැඩී, සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමේ මාවත ගත යුතු යයි කියා සිටීමේ දී විකොස අදහස් කලේ, මෙම පක්ෂ හෙලිදරව් කර, කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස් දිනාගැනීම ය. කෙසේ වුවත් නිෂ්පාදනයේ ගෝලීයකරනය විසින් ජාතික ප්රතිසංස්කරනවාදයේ සියලු වෛෂයික පදනම් විනාශ කර, “ජාත්‍යන්තර තරගකාරිත්වය” සඳහා අතොරක් නැති තරගය තුල රැකියා, සේවා කොන්දේසි හා ජීවන තත්වයන් කැපීමේ දී ජාතික ධනේශ්වරයේ සෘජු ඒජන්සි බවට පැරනි සංවිධාන පරිවර්තනය කර තිබුනි. මෙම පක්ෂ හා වෘත්තීය සමිති තවදුරටත් කම්කරු පන්තියේ නමින් කථා කරන හා ඒ මත පදනම්වූ සංවිධාන ලෙස කිසිදු ආකාරයකින් සැලකිය නොහැකි විය.
31-2 අගමැති හා පසුව ජනාධිපති වූ චන්ද්‍රිකා කුමාරතුංග යටතේ වූ 1994 ශ්‍රීලනිප නායකත්වයෙන් යුක්ත තෙවන සභාග ආන්ඩුවට ලසසප හා කොප, ඇතුලු වූ හ. 1970 ගනන්වල බන්ඩාරනායක ආන්ඩුවට සහභාගී වීම නිසා කම්කරු පන්තිය තුල ජනනය කල ඉමහත් සතුරුකම, මෙම පක්ෂ දෙකට කවර කලෙකවත් දුරුකරගත හැකි වූයේ නැත. පොදු පෙරමුනට ඔවුන් එකතුවූ කාලය වන විට, ලසසප හා කොප, පුස් කෝම්බ දෙකක් බවට පත්ව තිබුනි. මෙම එක් පක්ෂයක් වත්, සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලයක් ගෙනයාම කෙසේ වෙතත්, මූලික සමාජ ප්රතිසංස්කරන සඳහා වත් සටන් කරනු ඇතැයි කිසිදු කම්කරුවෙක් බලාපොරොත්තු නොවීය. ඔවුන් කෙරේ යාන්තමින් හෝ පැවති කවර හෝ මිත්‍යාවක්, යුද්ධය උත්සන්න කිරීමේ ද මූලික ප්රජාතන්ත්ර අයිතීන්ට හා ජීවන තත්වයන්ට පහර එල්ල කිරීමේ ද කුමාරතුංගගේ පිලිවෙත්වලට ලසසප හා කොප දුන් සහයෝගය හමුවේ, වේගයෙන් අතුරුදහන් විය. ඉන් පසුව ඔවුන් කටයුතු කර ඇත්තේ, ස්වාධීන පක්ෂවලට වඩා මුලුමනින්ම පාහේ ශ්‍රීලනිපයේ කන්ඩායම් ලෙස ය.
31-3 කවර කලෙකවත් පලමු සභාග ආන්ඩු දෙකට විරුද්ධ වී නැති නසසපයේ නායකයෝ, මැතිවරනයේ දී කුමාරතුංගට පිටු බලය දුන්හ. නසසපයේ පන්ති සහයෝගිතා කි‍්‍රයාමාර්ගයෙන් තර්කාන්විත නිගමනය උපුටා ගත් වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් කන්ඩායමක්, පොදු පෙරමුනු ආන්ඩුවට එක් විය. නසසප ද එහි අංකුරයක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ද කොලඹ දේශපාලන සංස්ථාපිතයේ පරිවාර ග්‍රහයකු ලෙස, එන්ට එන්ටම කැත දේශපාලන කර කාර රොත්තකට කරබදු වී සිටිති. 1990 ගනන් මැද භාගයේ පොදු පෙරමුනු ආන්ඩුව කෙරේ විරුද්ධත්වය වැඩෙද්දී නසසප, ජවිපෙ සමග සම්මුතියකට එලඹුනේ ය. ඒ ඊට යන්තම් දශකයකට පෙරාතුව ජවිපෙ තුවක්කුකරුවන් නසසප සාමාජිකයින් මරා දමා තිබූ තතු ද යටතේ ය. කුමාරතුංග විසින් යලි නීත්‍යානුකූල කරනු ලැබූ ජවිපෙ, වෘත්තීය සමිති පැවැත්මක් තහවුරු කරගනු පිනිස එලිපත්තක් ලෙස නසසප යොදාගත් අතර පසුව සන්ධානය බිඳ දැමීය. තමන්ගේ විවිධාකාර දේශපාලන කරනම් අස්සේ නසසප හා එසප, එක ලක්ෂනයක් ස්ථාවරව පවත්වාගෙන ඇත. එනම් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සසප ගෙන යන අරගලය කෙරේ ඇතුලාන්තයෙන්ම සතුරු වීමයි.
31-4 ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතිවල පරිනාමය, දියුනු ධනේශ්වර රටවල වෘත්තීය සමිති තන්ත්රයන්ට සමාන්තරව සිදු විය. භූගෝලීය නිෂ්පාදනයේ බලපෑම යටතේ වෘත්තීය සමිති නිලධාරි තන්ත්ර, කම්කරු පන්තියේ මූලිකම අයිතීන් ආරක්ෂා කිරීම පවා අතහැර දමා කලමනාකරනයේ සෘජු ඒජන්තයින් බවට පරිවර්තනය වී ඇත. සමිතිවල පාවාදීම් හමුවේ, විශේෂයෙන්ම 1980 මහා වැඩවර්ජනයෙන් පසුව, සමිති සාමාජිකත්වය පහල බැස ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ හා යුරෝපයේ එහි සගයන්ට වෙනස් අයුරින් ශ්‍රී ලංකාවේ සමිති, බොහෝ කොටම විකල්ප ආදායම් මාර්ග නොමැති කමෙන් ඉක්මනින්ම දිරාපත් වූ හ. සමිති, සම්මේලන හරහා පක්ෂවලට අනුබද්ධිතව තිබුනු බැවින්, එම පැරනි පක්ෂ නායකත්වයන් කෙරෙහි පැවති පිලිකුල හමුවේ සමිතිවල ද පරිහානිය වේගවත් විය.
31-5 ඊනියා වතු කම්කරු සමිතිවල ප්‍රථම නිදසුන ලංකා කම්කරු සංගමය (සීඩබ්ලිව්සී), අමුත්තක් පෙන්නුම් කරමින් හැම විටම වෘත්තීය සමිතියකට වඩා පීතෘවාදී යහසාධක සමාජයක් ලෙස කි‍්‍රයාත්මක විය. වතු කලමනාකරනයේ සහයෝගය ඇතිව, වතුකරයේ ජීවිතයෙහි සෑම අංශයක් ම -- එනම්, නිවාස, සෞඛ්‍ය සේවා, පාසැල් සිට විවාහ මංගල්‍ය, අවමංගල්‍ය කටයුතු හා ආගමික උත්සව දක්වා -- සිය ග්රහනයට නතුකර ගැනීම හේතුකොටගෙන, සැලකිය යුතු සාමාජිකත්වයක් ද සම්පත් ද පවත්වා ගැනීමට එය සමත් විය. තම බන්ධනයේ පවතින ඡන්ද බැංකුවක් ලෙස සිය සාමාජිකයින් යොදා ගනිමින් සීඩබ්ලිව්සී නායකයෝ, පාර්ලිමේන්තුවට ඇතුලු වී ඇමති තනතුරු හා වරප්‍රසාද සඳහා කේවල් කලහ. කඳුරට ජනතා පෙරමුන වැනි විවිධාකාර විකල්ප සංවිධාන කි‍්‍රයා කලේ ඊට වෙනස්ව නොවේ. කම්කරු පන්තියේ ඉතාමත් ම පීඩිත කොටසක් මැඩලීම සඳහා එක්ව වැඩ කල මේ එක ද සංවිධානයක් හෝ කම්කරුවන් අතර කිසිදු සැලකිය යුතු සාධනීය සහයෝගයක් නොලබයි.
31-6 සසප පිහිටුවීම, කම්කරු පන්තියේ නව ව්‍යාපාර සඳහා සූදානම් වීමේ කි‍්‍රයාවලිය තුලදී පක්ෂය ගත් පලමු පියවරයි. මෙම ව්‍යාපාර පැරනි සංවිධාන තුලින් සිදුවිය නොහැකි අතර එය සිදුවිය හැක්කේ ඒවාට එරෙහි කැරැල්ලකිනි - සසප විසින් දේශපාලනිකව සූදානම් කර සංවිධානාත්මකව මෙහෙයවනු ලබන කැරැල්ලක් - අලුත් නම ලෙස සමාජවාදී සමානතා පක්ෂය යොදාගනු ලැබුවේ, සමාජ ප්රජාතන්ත්රවාදය, ස්ටැලින්වාදය හා පැබ්ලෝවාදය විසින් දශක ගනනාවක් තිස්සේ සමාජවාදය යන පදය දුෂ්පරිහරනය කිරීම මගින් දුරවබෝධ බවට පත් කෙරී තිබූ, සමාජවාදයේ සාරභූත අරමුන වන සමාජ අසමානතාවය දුරීභූත කිරීම මත අවධානය යොමු කිරීම සදහා ජාත්‍යන්තර කමිටුව තුල කරන ලද පුලුල් සාකච්ඡාවලින් අනතුරුවය. 1996 සිය ඉදිරි දර්ශන ලියවිල්ල තුල සසප පහත නිගමනය කරා එලඹුනි: “කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන්, සියලූ පැරනි පක්ෂවලට හා නිලධාරි තන්ත්රයන්ට දක්වන සම්බන්ධතාවය වෙනස්වී ඇති බව හඳුනා ගැනීමෙන් ඉල්ලා සිටින්නේ, ජනතාවන්ගේ එලඹෙන විප්ලවවාදී අරගලයන්හි නායකත්වය ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් විසින් ගත යුතු බවටයි.”